අපි නිදහසේ ඉන්න වෙලාවට විවිධ ක්‍රීඩාවල යෙදෙනවා. නොයෙක් නොයෙක් ක්‍රීඩාවන් ගත්තොත් අපිට එම ක්‍රීඩාවන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්.
ඒ එලිමහන් ක්‍රීඩා හා ගෘහස්ථ ක්‍රීඩා තියලා.විවේකයෙන් ඉන්න වෙලාවට එලිමහන් ක්‍රීඩා වලට වඩා ගෘහස්ථ ක්‍රීඩා වලට තමයි මිනිසුන් වැඩිපුර යොමු වෙන්නේ.
අතීතයේ නම් මේ සඳහා තෝරා ගත්තේ පංච කෙළිය, ඔලිද කෙලිය, වගේ ගෘහස්ථ ක්‍රීඩා. එහෙත් දැන් බොහෝ ප්‍රකට ගෘහස්ථ ක්‍රීඩාවක් තමයි කාඩ් ක්‍රීඩාව. සාමාන්‍යයෙන් අපි කුට්ටම කියලා කියන්නේ මොනවා හරි දෙකක් තියෙන අවස්ථාවක .
උදාහරණයක් විදිහට ගත්තොත් සෙරෙප්පු කුට්ටම් එහෙම නැත්නම් කන්නාඩි කුට්ටම එහෙම නැත්නම් මේස් කුට්ටම කියලත් කියන්න පුළුවන්.ඒත් වැඩේ කියන්නේ කාඩ් කුට්ටම් නම් කොළ පනස් දෙකක්ම තියෙනවා.ඔබ දන්නවද මේ කොළ 52 හි අදහස කුමක්ද කියලා ??
මෙයින් අද අදහස් වෙන්නේ අවුරුද්දේකට ඇති සති 52යි. එහි වංශ හතරක් තිබෙනවා.ඒ හාරත රුවිත ඉස්කෝප්ප හා කලාබර ලෙසයි.එම වංශ හතරෙන් ඍතු 4 අදහස් වෙනවා.ඒ කියන්නේ සිසිර, සරත්, ගිම්හාන සහ වසන්ත ඍතු.රතු පැහැ වංශ දෙකෙන් උෂ්ණ ඍතු දෙක හා කළු පැහැ වංශ දෙකෙන් ශීත ඍතු දෙක නියෝජනය කරනවා.එක් වංශයකට අයත් කාඩ් දහතුනෙන් අදහස් වන්නේ චන්ද්‍ර මාස දහතුනයි.

No comments:
Post a Comment