304 එසේත් නැත්නම් තුන්සිය හතර යන්න ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල ජනප්‍රිය කාඩ් ක්‍රීඩාවකි. පිල් දෙකකට බෙදී ක්‍රීඩා කරන මෙම ක්‍රීඩාව සඳහා 4 දෙනෙක් හෝ 6 දෙනෙක් සහභාගී වේ. මේ සඳහා සාමාන්‍යය කාඩ් කුට්ටමක ඇති කාඩ් 52න් 7 සිට A දක්වා ඇති කාඩ් භාවිතයට ගනී.
